Friday, December 30, 2011

මල් වැනි දරුවන් ගද ගස්සන නිල්.

අපේ පුංචි ළමයි මල් වගේ කියලා ඔයගොල්ලො හැමෝම දන්නවනෙ.ඒ හැම පුංචි දරුවෙක් ම ගද ගස්සන්නෙ මේ නිල් කියන ජරාව.අපේ පුංචි දරුවො ඉස්කෝලෙ අදින්නෙ සුදු ඇදුම්නෙ.මේ සුදු ඇදුම් වලට අපේ අම්මලා නිල් දානවා.දැම්මාම ඇදුම කැතේ බෑ.ඒ වගේම ගදායි.ඇත්තටම සුදු ඇදුම් වලට නිල් දාන්නෙ ඇයි?.මේ සුදු ඇදුම් කාලයක් යනකොට කහ ගැහෙනව.අන්න ඒ කහ ගතිය යවන්න තමයි නිල් දාන්නෙ.මේක අපේ අම්මල දානව නිකං දාන්නං වාලෙ.මහා අව්රවල්.එකකොට අපේ අර මල් වැනි දරුවන් ගද ගහනවා.හරියට කිඩාරම් මල්වගේ.මං කියන්නෙ නිල් කුඩු දාන්න එපා.නිල් කුඩු ගදායි.නිල් දියර හොදයි.ඒකත් බිංදුවක් විතර දාන්න.ඒ ඇති.මම හිතනවා අපේ මල් මල් දරුවන් ආයෙ ගද ගහන එකක් නෑ කියලා.